මහනුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රිය අද පස්වරුවේ මීරිගම දුම්රිය පොළේ නතර නොකළ බව මගීහු කියති.
පමා වී පැමිණි මේ දුම්රිය එහි නොනවත්වා ධාවනය වූ බවත්, දුම්රිය මගීන් සිය ගණනක් දුම්රිය ස්ථානාධිපතිට දොස් නැගූ බවත් වාර්තා වේ.
දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය කියනුයේ මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන බවයි.