දුම්රිය මගීන් පිරිසක් උප නියාමකට ගසති


දුම්රිය රියදුරන් පිරසකගේ වර්ජනය පවතිද්දී මාතර බලා දාවනය වු දුම්රිය අද සවස මන්දගාමී ලෙස දාවනය කිරීමට එරෙහි වු පිරිසක් දුම්රිය පොළ  සමීපයේදී උප නියාමකට පහර දී ඇතැයි දුමිරිය සේවකයෝ කියති.

පහරදුන් පිරිසෙන්  සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් රෝහල් ගතවීමට සිටි උප නියාමක සිය ගනන් මගින්ගේ ඉල්ලීම අනුව දිගටම රාජකාරී කිරීමට කැමැත්ත පල කළ බවත් ඒ අනුව පැය බාගයක් පමණ පමා වී දුම්රිය ධාවනය ඇරඹූ බවත් මොරටුව දුම්රිය පොළ ආරංචි මාර්ග කියයි.