අද අලුයම අනුරාධපුරයෙන් පිටත් වු රජරට රැජින මාතර දුම්රිය නවනගර දුම්රිය පොළේ සිරිත් පරිදි නතර කර නමුත් මගීනට ටිකට් දීමට කිසිවෙක් නොවීය. එතැන් සිට සාවස්තිපුර දක්වා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට හිමි විය. ඔවුන් සාවස්තිපුරයෙන් ටිකට් ගන්නා තුරු දුම්රිය නතර කරගෙන සිටියේය. මේ නිසා දුම්රිය මිනිත්තු 10ක් පමණ ප්‍රමාද විය. අනුරාධපුර ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරි එස්.ඒ.ආර්. අබේරත්න මහතා පැවැසුයේ මේ සිද්ධිය තමාට වාර්තා නොවු බවයි. මේ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද ඔහු කීවේය.