දුම්රිය පිරිසක් අකුරට වැඩ


ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ සාමාජිකයෝ දහසකට ආසන්න පරිසක් අද උදෑසන කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් කළහ.

‘කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන‘ සේවකයන් ලෙස දැනට තමන් සේවය කරන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ද අනුමැතිය අනුව තමන් කළමනාකරණ සහකාර තාක්ෂණ ශිල්පී ලෙස උසස් කළත් එම ශ්‍රේණියට දියයුතු වැටුප් වැඩිවීම මෙතෙක් නොදීම ඉතා අසාධාරණ බවත් ඔවුහු කීහ.

ජනවාරි 07 වැනිදා සිට මේ ගැටළුව නිසා තමන් ‘අකුරට වැඩ‘ වර්ජනයක නිරත වන බවත් දුම්රිය ධාවනාගාර තුනකට තම සාමාජිකයනට ඇතුළු වීමට අවසර ලබා නොදීම පිළිබඳ තම සංගමය දැඩි අප්‍රසාදය පෙන්නුම්කරන බවත් ඔවුහු කීහ.