මැවච්චියේ සිට මන්නාරම දක්වා අලුතින් ඉදි කෙරෙන දුම්රිය මාර්ගයේ කඩවත්ගමදී රේල් පීලී සම්බන්ධ කෙරෙන ඇණ තොගයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලීසිය කියයි.
ගලවාගෙන ගොස් ඇති ඇණ සංඛ්‍යාව 1300 කි. එකක වටිනාකම රුපියල් 500කි.
ඉකුත් 11 දා සිට 22 දා තෙක් කාළයේදී දුම්රිය මාර්ග සේවකයන් නිවාඩු ගොස් සිටි අවස්ථාවක මේවා ගලවා ඇතැයි පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වෙයි.