දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි


(යොහාන් භාසුර)

දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය මාර්ගය අබලන්වීම නිසා වේග සීමා පැනවීමෙන් දුම්රිය ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කර මීට පෙර වෙරළබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කළ බවත් සෙසු මාර්ගවල ද ඒ ආකාරයෙන්ම වෙලාවේ වෙනසක් කරන බවත් ගුණසිංහ මහතා වැඩි දුරටත් කීය.