දින කිහිපයක් තිස්සේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවීම හේතුවෙන් උදෑසන රැකියා සඳහා යන මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
අද දිනයේත් දුම්රිය රැසක් ප‍්‍රමාද වී ධාවනය කෙරුණු අතර මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද ධාවනය වූයේ පැයකට ආසන්න කාලයක් ප‍්‍රමාද වීමෙනි.
පසුගිය සතිය පුරා මෙලෙස දුම්රිය ප‍්‍රමාද වීම දක්නට ලැබුණු අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථාන මගීන්ගෙන් පිරී පවතිනු දැකිය හැකි විය.



