දුම්රිය නිළැදුම් සේවා අරමුදල ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි


(යොහාන් භාසුර)

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කීපදෙනෙක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාව හැකි ඉක්මණින් යොමුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවයාට ලිඛිතව දැනුම්දී තිබේ.

දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේ යැයි කාලයක සිට පැමිණි ලැබුණ ද දුම්රිය බලධාරීන් එයට පියවර නොගැනීම නිසා දුම්රිය සේවකයන් අමාත්‍යවරයාට පැමිණිළි කර තිබේ.