මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්
වීඩියෝ - දේමුණි සම්පත්

![20160129_112712_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112712_resized1.jpg)
![20160129_111710_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_111710_resized11.jpg)
![20160129_111811_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_111811_resized1.jpg)
![20160129_112539_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112539_resized1.jpg)
![20160129_112602_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112602_resized1.jpg)
![20160129_112607_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/20160129_112607_resized1.jpg)










