දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක


(යොහාන් භාසුර)

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.

අතිකාල ගැටලුවට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මනෝජ් මහතා කීය.