දුම්රිය ටිකට් මගඩියට තවත් තුනක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උකු වෙල  මහනුවර සහ මාතලේ පදිංචි වයස අවුරුදු 34-44 පසුවන්නන්ය.