ජනතාවගේ ආරක්ෂාව සදහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු වල මුරකරුවන් ලෙස සේවයේ නියුතු වූවත් තමන්ට ලැබෙන රුපියල් 250 ක මුදලකින් පවුලක් නඩත්තු කරගෙන ජීවත් විම ගැටළුවක් බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති එච්.එම්.ආර්.එල්. සුමේධ මහතා පවසයි.
දිනකට රූපියල් 250 ක මුදලක් එක් මුරකරූවෙකුට පැය අටක සේවයකට ලැබුනත් මසකට දින 31 දක්වා ඇති මාසයන් වලට අදාල එම මුදල මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන්ට මේ දක්වා ලැබුනේ දින 30 ට බවද 31 දක්වා දින ඇති මාසයන් වලට එම මුදල 2013 ජූලි මාසයේ සිට මේ දක්වාම නොලැබුන බවද ඔහු පවසයි.තවද පුද්ගලික අංශයේ සේවකයන් ටත් ලැබෙන උත්සව අත්තිකාරම් මුදල වන රුපියල් 10000 ක මුදලවත් රාජ්‍ය අංශයේ සේවයක නියුතු වන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් වන තමන්ට නොලැබෙන බවත් පවසයි.
තවද ඹවුන් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති පුදේශයන් වල සිවිල් ආරක්ෂක නිලධාරීන් අතරින් මුරකරූවන් හැටියට තෝරාගෙන එක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුවක් සදහා පැය අටක සේවයකට තුන්දෙනෙකු සේවය කරන බවත් ඹවුන් හට පොලිස් දෙපාර්තුමෙන්තුව හරහා මාසික වේතනයක් ලබා දුන්නද ඔවුන් සේවය කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට බවත් ලංකාව පුරා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු 687 ක් පමණ ඇති බවද ඒවායේ 2061 ට අධික පිරිසක් මුරකරුවන් හැටියට සේවය කරන අතර එම මුරකරුවන්ව දුම්රිය දෙපාර්තු මේන්තුවට අනුයුක්ත කරන ලෙසද ඉල්ලා සිටින බවත් සභාපති වරයා පවසයි.
මෙම ගැටලු සම්බන්ධව පසුගිය මස 14 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් භාර දි අගමැති, ප්‍රවාහන ඇමැති, පොලිස් දෙපාර්තුමේන්තුව, දුම්රිය දෙපාර්තුමේන්තුව ආදියට ලිඛිතව දැනුම් දුන්නද මේ දක්වා කිසිදු දැනුම් දිමක්වත් නොලැබුණු බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති පවසයි.මේ සම්බන්දව නිසි පිළිතුරක් නොලදහොත් ඉදිරියේදි දීප ව්‍යාප්තව වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිමට ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ විධායක නිලධාරින් එකතුව තීරණයක් ගන්නා බවද සභාපති වරයා කියයි.




