අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මානව හිමිකම් කොමිසම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
පසුගියදා දුම්රිය අනතුරුවලින් සිදවූ ජීවිත හානි සැළකිල්ලට ගෙන ආරක්ෂක පියවර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බව කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මහතා පවසයි.
අනාරක්ෂිත දුම්රිය මාර්ග ගේට්ටු සවි කිරීම සඳහා 2012 සිට රුපියල් සිය කෝටියක් පමණ වෙන් කර ඇතැයි ද ඔහු පවසයි.

