විශ්‍රාම ගිය දුම්රිය ස්ථානාධිපතිවරුන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවීමට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති පියල් විජේසිරි මහතා කියයි.
තම ඉල්ලීම් සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී බී ඒ පී ආරියරත්න මහතාගෙන් යහපත් ප්‍රතිචාර ලැබීම ඊට හේතුව බව ද ඔහු පවසයි.

