දුම්රිය එන්ජිත් 10ක්, බලවේග කට්ටල 6ක් ගෙන්වයි


(ඩයනා උදයංගනී)

ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය එන්ජින් 10ක් හා බලවේග කට්ටල හයක් මෙරටට ගෙන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.  දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල ආනයනය කෙරෙන අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ දුම්රිය එන්ජින් 10 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක සහ බලවේග කට්ටල 6 සඳහා ඩොලර් මිලියන 58 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත. 

දුම්රියෙන් ගමන්ගන්නා මගීන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වීමත්, දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් වසර 30ක කාලයක් හා දුම්රිය මැදිරි 250 ක් පමණ වසර 25ක් පමණ පැරණි වී තිබීම නිසා දෙපාර්තමේන්තුව මෙම නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල කඩිනමින් මිලදී ගැනීමට තීරණය කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පැවසීය.