(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු පදනම මත ආයෝජනයන් සඳහා පැවරීමට අයදුම්පත් කැඳවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් මෙසේ යෝජනා කැඳවන බවත් මෙම මස 24 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආසන්න ඉඩම් සහ උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනය ඇති ඉඩම් මෙසේ බදු පදනම මත පැවරීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.

