
(යොහාන් භාසුර)
මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ආසන වෙන් කරවාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.
https://seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ - බෙලිඅත්ත, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම, මහනුවර සහ බදුල්ල යන දුරගම සේවා දුම්රියවල ප්‍රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද තිබේ.

