දුම්බර බන්ධනාගාරයේ වර්ජනයෙන් රැඳවියන් දෙන්නෙක් රෝහලේ


ආහාර වර්ජනයේ නියුතු බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු ඉරිදා (08) රෝගාතුර වී බන්ධනාගාර රෝහල් ගත කළ බව එහි නිලධාරීහු කියති.

මරණීය දණ්ඩනය නියමවී ඇති බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් 115 දෙනකු (07) දින ආරම්භ කළ ආහාර වර්ජනය හේතුවෙන් එම තත්ත්වය ඇතිවිය.

ඔවුන් ඉල්ලා සිටින්නේ මරණිය දණ්ඩනය නොදෙන්නේ නම් එම දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් බවට පත් කර විසි අවුරුද්දකින් නිදහස් වීමේ අවස්ථාව ලබා දෙන ලෙසය.

රැදවියන් විසින් ලබා දුන් ලිඛිත ඉල්ලිම පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයා හා නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති දැනුම්වත් කරන බවද බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් පැවැසිය.