මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ වාහන වායු විමෝචන වැඩසටහන එක්ව ශ්‍රි ලංකා පොලිසියේ රථවාහන අංශයේ සහයෝගය ඇතිව අධික දුම් සහිතව මාර්ගයේ ධාවනය කරන වාහන පරික්ෂා කිරීමේ හදීසි සෝදිසියක් අද (07) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසල පැවැත්විය.
එහිදි පරික්ෂණයෙන් අසමත් වාහන වලට කිසිදු දඩ ගැසීමක් සිදු නොකරන අතර ආදායම් බලපත්‍රය රදවා ගනී. දුම්පාරික්ෂණය සමත් වූ විට ආදායම් බලපත්‍රය මුදා හැරේ.