අයවැයෙන් පැනවූ රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට ද, වැට් බදු වැඩි කිරීමට ද, බලපත් ගාස්තුව වැඩි කිරීමට ද එරෙහිව අම්බලන්ගොඩ නගරයේ පාසල් වෑන් හා බස් රියදුරෝ අද සිය රථවල කළුකොඩි එල්ලාගෙන නගරයේ සැරි සරමින් විරෝධය දක්වති.
සිසුන් පාසල්වලට ගෙනයෑමෙන් පසුව උද්ඝෝෂණය ඇරැඹිණි.
පාසල් අවසන්වන තුරු මේ උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය. මේ උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි.
පාසල් රියදුරන්ගේ ප්‍රකාශකයෙක් කීවේ දකුණු පළාතේ වෙනත් ප්‍රධාන නගරනවලට කළු කොඩි උද්ඝෝෂණය ව්‍යාප්ත කරන බවයි.



