දුප්පත්කමට ජනපතිගෙන් බේත් ඉල්ලයි


සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇති එකම මඟ ඔවුන් සඳහා ශ්‍රී ලංකාවේ රස්සා සපයා දී ඔවුන්ගේ දුප්පත්කමට පිළියම් යෙදීම යැයි සෞදි අරාබියේදී හිස ගැසුම් කා මරා දැමූ රිසානා නෆීගේ මව සෙයියදු අහමදු ෆරීනා නෆීක්  මහත්මිය කියන්නීය.

මෙවැනි දුපත්පත් කාන්තාවන්ට පිහිටවිය හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනපති බව ද ඇය පවසන්නීය.

සිය දරුවන් සමග කෙළිදෙලෙන් පසුවූ රිසානා ළමා වියේදීම සෞදියේ මෙහෙකාර කමට ගියේ නංගිලා දෙදෙනට සහ එකම සහෝදරයාට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා මුදල් සෙවීමට බව ද ඇය ප්‍රකාශ කළාය.

අග ගිඟකම් පියවා ගැනීමට ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල්වලට අද ඇති එකම විසැඳුම විදේශ මෙහෙකාර කමට යෑම පමණක් බව කියූ අහමදු  ෆරීනා මෙවැනි ඛේදවාචක ඉදිරියේදී සිසු නොවන්නට නම් දිළිඳු පවුල්වල ආර්ථික ශක්තිය නගා සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ ජනපති ඊට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතන බව ද ඇය කීවාය.