'සිප් දොර 'ශිෂ්‍යත්ව වැඩසටහනේ රුපියල් විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන ඊ. පී පියසේන නම් සමෘද්ධි සංවර්ධන නිලධරයෙක් මොනරාගල අතිරේක මහේස්ත්‍රාත් සංජීව ජිනදාස මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු මොනරාගල කඳුකර විවිධසේවා සමුපකාර සමිතියේ සභාපතිද වෙයි.
මෙම අරමුදල ගැන විගණන පරීක්ෂණයක් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.