දුන්හිඳ ඇල්ල නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක්


(නිශාන්ත කුමාර)


දුන්හිඳ දිය ඇල්ල නැරඹීම සඳහා  එහි ගිය සංචාරකයින් 30 කට ආසන්න  පිරිසකට දුන්හිඳ දිය ඇල්ල   පිවිසුම් මාර්ගයේදී    අද (24)  සවස බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර බඹර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල පුද්ගලයින් හය දෙනෙකු     මීගහකිවුල හා බදුල්ල රෝහල් වෙත ඇතුළත්කර ඇත.


මෙලෙස  බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කොළඹ, මතුගම කෑගල්ල ආදී ප්‍රදේශවල සිට මුතියංගණය හා මහියංගණය වැද පුදාගනීම සදහා පැමිණී පිරිසකි.


දුන්හිඳ දිය ඇල්ල   පිවිසුම් මාර්ගයේ දුන්හිද ඇල්ල දෙසට ගමන් ගනිමින් සිටි පිරිසට එක් වරම මෙම බඹර රංචුව පහර දී තිබේ.