දුක බෙදා ගන්න හරිනි කඩුවෙලට යයි


(අංජුල මහික වීරරත්න)

ගංවතුරින් නවතැන් වූ ජනතාවගේ සුව දුක් විමසා සහන සැලසීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉහළ බෝමිරිය කනිටු විදුහලේ ආපදා සහන කඳවුරට ගියේය.

අධික ගංවතුර හේතුවෙන් කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ හා ඒ අවට අවතැන්වූ පුද්ගලයයෝ 320 ක් පමණ මෙහි තාවකාලිකව නවාතැන්ගෙන සිටිති.

අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළේ අවතැන් ජනතාව වෙනුවෙන් රජය සියලු සහන කඩිනමින් මෙන්ම සැලසුම් සහගතව ලබාදීමට කටයුතු කරන බවයි.