පසුගිය පස් වසරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා සිව්දින නිවාඩුවත් සමඟ වාර්තා විය.
රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක් පමණ ආසන්න එදින ආදායම වේ.
වාහන හැටදාහසකට ආසන්න ප්‍රමාණයකින් මෙම මුදල උපයාගෙන ඇත.
කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය දෙවසරේ වැඩිම ආදායම ලෙස සිකුරාදා වාර්තා වේ.
එදින වාහන 38000කින් පමණ රුපියල් අනු තුන් ලක්ෂයක් ලැබුණ බව වාර්තා වේ.
මේ සති අන්තයේ පිටකොටුව සිට පිට පළාත් සඳහා වැඩිපුර අතිරේක බස් යෙදවීමට සිටියත් මගීන්ගේ පැමිණිම අවම වීම හේතුවෙන් අතිරේක බස් රථ අඩු කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.