බොලිවුඩයේ සරාගී නිළිය මෙන්ම ජනප්‍රියත්වයට පත් නිළිය වන දීපිකා පදුකෝනිට හොලිවුඩයේ මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතින බව ඉන්දියානු විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ ඇය හොලිවුඩයේ රංගනයෙන් දායක වන xXx : The Return of Xander Cage චිත්‍රපටය හේතුවෙනි. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා වින් ඩීසල් සමග රංගනයෙන් දායක වන ඇය, රූගත කිරීම් අතරතුර එහි කණ්ඩායමේ පුද්ගලයන් සමග සහ එහි ප්‍රධාන නළු නළියන් සමග එක්ව ලබාගන්නා ඡායාරූප ඇගේ ට්විටර් ගිණුමේ පළකිරීමත් සමග ඉන්දියානු රසිකයන් විසින් ඇයට ප්‍රශංසා කර ඇත. ඊට අමතරව එම චිත්‍රපටයේ රූගත කිරීම් එක්කරමින් ප්‍රචාරකපටයක් අන්තර්ජාලයට එක්කර ඇති අතර, ඒ සඳහාද ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.