නිතරම බොලිවුඩයේ පුවත් මවන චරිත දෙකක් වන දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනා පසුගියදා පැවැති ‘මුකේෂ් හා නීටා’ අම්බානි යුවළගේ විවාහ සංවත්සර උත්සවයට පැමිණි සිටිනු දක්නට ලැබුණා. මෙම උත්සවයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඔවුන් දෙදෙනා සුපුරුදු පෙම්වතුන් ලෙස පෙනී සිටිනුද දක්නට ලැබුණා.
පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා විරසක වූ බවත් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණ බවත් පුවත් පළවුවද මෙහිදී ඒවා තවත් එක් කටකතාවකට පමණක් සීමා වුණා. රන්වීර් මෙන්ම දීපිකා දෙදෙනා මේ දිනවල සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධවී සිටිනවා.