ඉන්දීය රුපියල් කෝටි 350ක් වැය කරමින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති දමිළ චිත්‍රපටයක් සඳහා එක්වීමට බොලිවුඩයේ අංක එකේ නිළි දීපිකා පදුකෝනිට අවස්ථාව ලැබී තිබේ. ඒ සුන්දර් සී නම් ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරන මෙම දමිළ චිත්‍රපටය ඓතිහාසික කතාවක් රැගත් එකක් වේ.
ප්‍රකට අශෝක අධිරාජ්‍යයාගේ දියණිය ලෙස මෙහි දීපිකා පදුකෝනි රංගනයේ යෙදෙන අතර, ඇයට ප්‍රථම මෙම චරිතය සඳහා බොලිවුඩයේ චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන කංගනා රනවුත්ය. මෙම චිත්‍රපටය ලබන වසරේ රූපගත කිරීමට කටයුතු කර ඇති තිබෙන අතර, චිත්‍රපටය ලබන වසර අවසානයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
දීපිකා දමිළ චිත්‍රපටයක රංගනයෙන් දායක වන දෙවැනි චිතපටය මෙය වන අතර, ඇය ඊට පෙර රාජිනිකාන්ත් සමගින් ‘කොච්චිකඩයන්’ චිත්‍රපටයේ රඟපා තිබුණි.