දීඝවාපිය සලපතලමළුවේ පුරාවස්තු වසර 1800 ක් පැරණියි


(නවරත්න සමරතුංග)
 
ඵෙතිහිසික දීඝවාපිය සලපතල මළුවේ කැණීම් වලදී පසුගියදා හමුවූ රන්පත්ඉරුවල බ්‍රහ්මීය අක්ෂර සටහන් වලින් සඳහන් වූ තොරතුරුවලට අනුව එම පුරාවස්තු වසර 1800 කට කලින් දකුණු වාහල්කඩ තැන්පත් කර තිබුණ බවට පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව අනාවරණය කරගෙන ඇති බව අම්පාර දිසා පති ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා පැවසීය.
 
එම කරඬුවල තැන්පත් කරතිබුණ ධාතූන් වහන්සේලා වෙනුවෙන් වසර 1800 කට පසුව පසුගියදා අම්පාර දිසා ලේකම් කාර්යාලයේදී ප්‍රථම වරට බෞද්ධ වත් පිළිවෙත් අනුව පුද පූජා පැවැත්වීම විශේෂ සිද්ධියක් බවද දිසාපති වරයා කීය.
 
ඒ අනුව ජනතාවට ධාතූන් වහන්සේලාට වැඳුම්පිඳුම් කිරීම අවස්ථාව උදා වී ඇත. විශේෂ ධාතු මන්දිරයක තැන්පත් කර ඇති මෙම ධාතූන් වහන්සේලා වෙනුවෙන් උදේ දහවල් සහ සවස වැඳුම් පිදුම් කරමින් ආගමික වතාවත් සිදු කිරීමට පියවර ගෙන ඇත.

මේවන විට එම ධාතූන් වහන්සේලා සමඟ හමුවූ අනෙකුත් පුරාවිද්‍යා රසායනාගාර සහ සංරක්ෂණ අංශ විසින් විමර්ෂන කටයුතු කරගෙන යන බවත් එම කටයුතු නිමවූ පසුව  සියල්ල ලේඛන ගත කරණූ ඇත.
 
ඉන් පසුව ඒ වා නිල වශයෙන් භාර ගැනීම සිදු කර මැණික් සහ ස්වර්ණාභරණ නිරීක්ෂණ අංශ මඟින් තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවද දිසාපති වරයා කීය.


මෙම ධතූන් වහන්සේලා දිගටම අම්පාර දිසා ලේකම් කාර්යාලයේ තැන්පත් නොකර එහි අයිතිය තිබෙන ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ ආරක්ෂිත ධාතු මන්දිරයක් තනා ඉදිරි කාල‍ෙය්දී එහි තැබීමට තියමිතව ඇත. එවිට සමස්ත බෞද්ධ ජනතාවට ප්‍රදර්ශනය කරමින් වැඳුම් පිදුම් කිරීමට අවකාශය ලබා දෙනු ඇත.
 
මේවන විට දිසාලේකම් කාර්යාලයේ විශේෂ ධාතුමන්දිරයක තැන්පත් කර ඇති ධතූන් වහන්සේලා හය නමක් සහිත රන්පත් ඉරු සහ රන් භාණ්ඩ භාන්ඩවල වටිනාකම් තවමත් තක්සේරු කර නැත.
 
පුරාචිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අධ්‍යක්ෂිකා ගීතානි කුරුප්පු ආරච්චි පර්යේෂණ නිලධාරී ජානිකී සෙනෙවිරත්න කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර අනුරාධා ප්‍රියදර්ශනී යන නිලධර නිලධාරිනියෝ පරීක්ෂවලට සහය වූහ.