පළාත් සභා ක්‍රමයම එදා සිටම මහජන එක්සත් පෙරමුණ විරුද්ධව සිටින බවත් එම ක්‍රමය අහෝසි කර දිස්ත්‍රික්කය පදනම් කරගෙන බලය විමධ්‍යගත කිරීම ඉතා කාලෝචිත බවත් මහජන එක්සත් පෙරමුණ තීරණය කරයි.
මහජන එක්සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ පැවති පක්ෂ මුලස්ථානයේදී පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රීහු මේ තීරණයට එළැඹීය.
දිස්ත්‍රික්කය පදනම් කොටගෙන බලය විමධ්‍යගත කිරිම තුළින් සෑම ජාතියකටම ආගමකටම ජාතිමය හා භාෂාමය අනන්‍යතාව රැකෙන අතර සංවර්ධනටද ඉතා පහසුවන බව මෙහිදී තීරණය කොට ඇත.