දිසාපාමොක්ලාට ගැසූ ආදි සිසුන් සොයයි


කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති වයි ඩී යසරත්න, නියෝජ්‍ය විදුහල්පති බන්දුසිරි මහත්වරුන්ට ද, යාපා බණ්ඩාර සහ ජගත් යන තවත් ගුරුවරුන් දෙදෙනකුට ද පහර දීම සම්බන්ධයෙන් ආදි සිසුන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

තුන් වැනි ශ්‍රේණියේ පන්ති වෙනත් ස්ථානයකට රැගෙන යෑම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් පහර දීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.