දිසාපති දියගල ඇල්ලේ මරණය කල් දමයි


මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හැටන් ඔයේ වටවල ගඟ රක්ෂිතයේ පෞද්ගලික බලාගාරයක් ඉදි කිරීම වහා අත්හිටුවන ලෙස නුවරඑළි මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා නියෝග කළේය.

දියගල ඇල්ලට පහලින්  ඉදිකිරීම සඳහා ලබා ගත් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ගඟ රක්ෂිතය ආක්‍රමණය කර ඇතැයි දිසාපති පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් පරිදි එහි කටයුතු අත්හිටවූ බව නුවර එළිය දිස්ත්‍රික් පරිසර නිලධාරී ආර් එම් එස් ඒ බණ්ඩාර මහතා පවසයි.