දිසා විනිසුරුගේ පොකැට්ටුවටත් විදී


මාතර දිසා විනිසුරු කුසලානි පුංචිහේවා මහත්මිය  උසාවියේ නඩු අසමින් සිටිය දී විනිසුරු කුටියට ඇතුළු වූ පුද්ගලයකු ඇගේ ඇගේ අත්බෑගයෙන් මුදල් ද, ක්‍රෙඩිට් කාඩ්පත් ද සොරාගෙන, ක්‍රෙඩිට් කාඩ්පතින් රුපියල් 65000ක බඩුද මිලදීගෙන ඇතැයි පොලිසිය කියයි.

වියළි සලාක ද, රන් බඩු ද මිල දී ගත් බවත්, එම සාප්පුවල ආරක්ෂක කැමරාවල එම පුද්ගලයා පැහැදිලිවම හදුනා ගත හැකි බවත් පොලිසිය පවසයි.