හංවැල්ල හෝටල් හිමි කතකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු හේරත් පතිරන්නැහැලාගේ සුනිල් වික්‍රම අබේසිංහ සහ පොලිස් කොත්තාපල් මොහොක්කු ගමගේ මහින්ද කිත්සිරි 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
දිසාවිනිසුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔහු ගෙයක් තනාගෙන යන බවත්, මේසන් බාස්කෙනකු සොයා අඹසෙවනට ගිය බවයි. අල්ලස් ගැනීමක් සිදු නොවූ බවත් ඔහු කියා සිටියේය.
දිසා විනිසුරුට එරෙහිව බොරු නඩුවක් පටලවා ඇතැයි ද වර්ණකුලසූරිය මහතා කීවේය.
පොලිස් කොස්තාපල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ ද අල්ලස් ගැනීමක් සිදු නොවූ බවයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පැවසුවේ කොමිසම මේ වැටලීම සිදු කරන අවස්ථාවේ පාතාලයට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් අල්ලස් කොමිසමට බාධා කළ බවත්, ඒ නිසාම සැකකරුවන් වෙන ස්ථානයකට ගෙන යෑමට සිදු වූ බවත් ය.
අල්ලස් දුන් බව කියන කත හා දිසා විනිසුරු අතර 25 වැනිදා සිට දුරකතන ඇමතුම් දහයක් පමණ හුවමාරු වී ඇතැයි ද එම තොරතුරු ලැබුණු පසු සත්‍ය තත්ත්වය සොයා ගත හැකිවනු ඇතැයි ද කී ඇය පරීක්ෂණ අවසන් වී නැතැයි ද සඳහන් කළාය.
එම මැරයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලීසිය කැඳවන්නැයි නීතීඥවරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.
එම පරීක්ෂණය පවත්වන්නැයි කොමිසමට දැන්වූ මහේස්ත්‍රාත්වරයා එයින් සෑහීමකට පත් විය නොහැකිනම් ඒ බව දන්වන්නැයි ද ඊට සුදුසු ක්‍රියාමාර්ගයක් ගත හැකි යැයි ද මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.