හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි අල්ලස් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවුණු අවස්ථාවේ අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් පැමිණිල්ලේ මුල් ප්‍රකාශයේ සහතික පිටපත් ඉල්ලා සිටියේය.
හංවැල්ලේ හෝටල හිමිකාරියකට වාසි සහගත තීන්දුවක් දීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහු ද, පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරිද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.