තවදුරටත් වැසි ඇතිවුවහොත් ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක වල නායයාම්, පස්කඳු කඩාවැටීම් හා ගිලාබැසීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා කියයි. මින් ඉහත කරන ලද පරීක්ෂණ වලින් පසු අනතුරු හඟවා ඇති ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටියි.