අම්පාර දිසා අධිකරණයට අයත් රුපියල් ලක්ෂ දෙකක් ගැන සාපරාධි විශ්වාසය කඩ කර පෞද්ගලික පරිහරණය කළ අම්පාර දිසා අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර් වරදකරු බවට නිගමනය කළ අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (15) ඔහුට වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
රුපියල් ලක්ෂ හයක දඩයක් ගෙවන ලෙස ද නියෝග කළ මහාධිකරණ විනිසුරු එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක ළිහිල් සිර දඩුවමකට ද යටත් කරන බව කීවේය.
අක්කරපත්තුව කෝවිල් පාරේ කදිරමලේ ප්‍රේමචන්ද්‍රන්ට මෙම දඬුවම් නියම විය. ඔහු නොමැති නඩුව විභාග විය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කැරිණි.
අම්පාර දිසා අධිකරණයේ අංක 1165 දරන නඩුවේ ඇස්කිසී ක්‍රියාත්මක කිරිමේදී ලබා ගත් රුපියල් ලක්ෂ දෙකක නඩු පොතට ඇතුළත් නොකර 2008.08.12 වැනි දා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන සාපරාධි විශ්වාසය කඩ කළ බවට නිතිපති පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය ප්‍රකාරව අධී චෝදනා ගොනු කර තිබිණී.

