දැනට දිවයිනට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දැනට එම දිස්ත්‍රික්ක තුනේ නායයාමේ ඉහළ අවදානමක් ඇති බවත් එම දිස්ත්‍රික්කවල ජනයාට අවදානමෙන් සිටින ලෙස දැනුම් දී ඇති බවත්ය.

