
(මොහොමඩ් ආසික්)
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
අද පස්වරුවේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.

