(නිමල කොඩිතුවක්කු)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව බදුල්ල, ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කවල ජනතාවට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙලුව ප්‍රදේශවලත් කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවලත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර යන ප්‍රදේශවලත් මෙම නායයෑමේ අනතුරු ඇගවීම සිදුකර ඇත

