
(සුජිත් හේවාජුලිගේ)
දිස්ත්‍රික්ක එකොළහකට නිකුත් කර ඇති නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත
මේ අනුව බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

