(රංජන් කස්තුරි)
2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාත් බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාත් සංශෝධනය වී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
අනෙකුත් දිස්ත්‍රික්කවල දැනට පවතින මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනසක් වී නැත.

