දිස්ත්‍රික් අතර හරක් මස්,එළු මස් ප්‍රවාහනය අත්හිටුවයි


(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.