සිරංගිකා ලොකුකරවිට
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
සීමා නිර්ණයන්, ආපදා සහන සැළසීම්, කෘෂිකාර්මික ප්‍රදේශ හා ඒවායේ අවශ්‍යතා හඳුනාගැනීම් වැනි බොහෝ කාර්යයන් සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක ඩ්‍රෝන තාක්ෂණය බහුලව යොදා ගන්නා බවත් ශ්‍රී ලංකාවටද එය සාර්ථක ලෙස උපයෝගී කරගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
හෙතෙම එසේ පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (5) පැවති රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අවස්ථාවේ දී ය.
රාජ්‍ය සේවයේ ඇතැම් ක්ෂේත්‍රවල කටයුතු වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් දැනුම්වත් කිරීම වැඩමුළුවේ අරමුණ විය.
ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ ඇමෙරිකාවේ විශේෂඥයකු වන සුමිත් ද සිල්වා මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.
දිස්ත්‍රික්- ප්‍රා.ලේ කාර්යාලවල පරිපාලන වැඩ කරන්න ඩ්‍රෝන තාක්ෂණය
Recommended Articles