
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී ඇත.
විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ 51දෙනෙකු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සඳහා මෙම පරීක්ෂණ පවත්වනු ලැබීය.
විදුහලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ද මෙම පරීක්ෂණය සඳහා ලක්කෙරුනු අතර ඔවුන් ද ආසාදිතයන් නොවන බවට ඊයේ(06) දිනයේ වාර්තා විය.
දැනට නිරෝධායනය කර සිටින සිසුන් අතරින් එක් සිසුවකු අසනීප තත්ත්වයකින් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම සිසුවා ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
එමෙන්ම මෙම පාසලේ සිසුන්ගේ දෙමාපියන් 14දෙනෙකු කොරෝනා ආසාදිත ඇගලුම්හලේ සේවය කරන අතර ඉන් 8දෙනෙකු ආසාදිත තත්ත්වයට පත්වී ඇති බවට ද මේ වන විට වාර්තා ලැබී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

