බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්මිණි ඉන්දික බමුණුසිංහ අද (5) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තේය.
බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය. උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහු එහි රැගෙන ඒමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියයි.
කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අතින් ඔහු අද සිය උපාධි සහතිකය ලබාගත් අතර බන්ධනාගාර ඉතිහාසයේ දී මෙවැනි සිදුවීමක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය බවද බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.






