දිවිදුන් රණවිරුවනට පකිස්තාන ජනරාල් උපහාර පුදයි


පස් දින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින පාකිස්තාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති ජනරාල් රෂාඩ් මොහොමඩ් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය වෙත ගොස් මිය ගිය රණවිරුවනට තම ගෞරවය පුද කළේය.

ශ්‍රී ලාංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් රෂාඩ් උණුසුම් අන්දමින් පිළිගත්තේය.

බියුගල් වාදන කණ්ඩායම විසින් හරසරින් ඔහු උත්සව භූමියට කැඳවාගෙන පැමිණියේය.

ජනරාල්වරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.