දිවි ඇති තෙක් සිර බත් කන කුඩු බඹරා


හෙරෝයින් ග‍්‍රෑම් 08ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ත‍්‍රී රෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා බ්‍රහස්පතින්දා (05) ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

 මෙලෙස දඩුවම් නියම වුයේ ග‍්‍රෑන්ඞ්පාස් මැල්වත්තේ පදිංචි ත‍්‍රීරෝද රථ රියදුරෙකු වු සැම්සුන් පෙරුමාල් ජස්ටින් හෙවත් බඹරා නමැත්තාටය.