
(ටි. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව කල්ලඩි විනයාගර් විද්‍යාලය සහ කොට්ටමුනේ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුන් පාසල් විවේක කාලයේ එහි ආපනශාලාවෙන් මිලදී ගත් ආහාර අසාත්මික තාවයක් හේතුවෙන් දරුවන් 44 දෙනකු රෝහල් ගත කර ඇතැයි දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශය කියයි.
වමනය සහ කරකැවිල්ල හේතුවෙන් සිසුන් රෝහල්වලට ඇතුළත් කර ඇත. දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිලධාරින් ඔවුන් වහාම ගිලන් රථවලින් රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

