දිවයිනේ හැම පාසලකටම දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවයි


නාලක සංජීව දහනායක

 

දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

එම වැඩපිළිවෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මාසය තුළදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

ඒ අනුව කරඹ, එරමිණියා, හිඹටු, පළු, වීර, කෝන් වැනි දුර්ලභ දේශීය පලතුරු වර්ග වගාකිරීමට නියමිතය.